Friday, May 17, 2024

General line - 0115112241

අයහපත් කාලගුණය නිසා ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා 20ක් මාලදිවයිනට ඇදී ගිහින්

මහේෂ් චතුරංග




අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙතෙක් කිසිදු ධීවර අනතුරක් වාර්තා වී නොමැති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ පත්මපි‍්‍රය තිසේරා නෙත් නිවුස් වෙත සදහන් කළේ මාලදිවයින දෙසට ඇදී ගිය යාත‍්‍රා 20 ක් පමණ තවදුරටත් එම මුහුදු ප‍්‍රදේශයේ රදවා තිබෙන බවයි.

එක්දින ධීවර යාත‍්‍රාවලට නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.