Friday, May 17, 2024

General line - 0115112241

තිරිගු පිටි පාලනයටත් මිල සූත්‍රයක්

මහේෂ් චතුරංග/කසුන් කැළුම්




තිරිගු පිටි මිල පාලනය සදහා මිල සූත‍්‍රයක් සැකසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. තිරිගු පිටි සමාගම් අවසරයකින් තොරව මිල වැඩි කිරීම හේතුවෙන් ඒ සදහා මිල සූත‍්‍රයක් සැකසීමට කැබිනට් මණ්ඩලයේ එකගතාව පළ වී තිබෙනවා. එහිදී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම පවසා ඇත්තේ ඉන්ධන මිල සදහා මිල සූත‍්‍රයක් කි‍්‍රයාත්මක වනවා සේ තිරිගු පිටි සදහා ද මිල සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කළ යුතු බවයි. 

ඉකුත්දා තිරිගු පිටි සමාගම් දෙකක් තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් ඉහළ දැමුවා. ඒ සමග ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළද පසුව වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පාන් ගෙඩියක මිල පෙර පැවති මිලටම අලෙවි කිරීමට තීරණය කෙරුණා.

මේ අතර ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව වැඩබලන අමාත්‍ය ලකී ජයවර්ධන  මෙලෙස අදහස් පළ කළා.