Friday, November 29, 2024

General line - 0115112241

රුසියානු බලධාරීන්ගෙන් ප‍්‍රබල මහජන මර්දනයක්

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමට තරග කිරීම සඳහා විපක්ෂයේ මහජන නියෝජිතයින් හට අවස්ථාව ලබා නොදීමට එරෙහිව විරෝධතාවයේ නිරත වී සිටි රුසියානුවන් දහසකට අධික පිරිසක් මොස්කව් අගනුවරදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ මෙම වසර තුළදී රුසියානු බලධාරීන් විසින් සිදු කළ ප‍්‍රබලතම මහජන මර්දනය මෙය බවයි. විරෝධතාකරුවන් හට බැටන් පොලූ මගින් පහර දෙන පොලිස් නිලධාරීන් පසුව ඔවුන් මාර්ග හරහා ඇදගෙන යන ආකාරය ද විදෙස් මාධ්‍ය නිකුත් කළ වීඩියෝ දර්ශනවල ඇතුළත්. 3,500 ක පමණ පිරිසක් විරෝධතාවය සඳහා එක්ව සිටි අතර ඉන් 700 ක් පමණ මාධ්‍යවේදීන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත්, රුසියානු බලධාරීන් විසින් විපක්ෂයේ අපේක්ෂකයින් 30 දෙනෙකුට පමණ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීම වළක්වා තිබෙනවා. බලධාරීන් පවසන්නේ එම පිරිස ප‍්‍රමාණවත් සුදුසුකම් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි. එහෙත්, මෙය හුදෙක් දේශාපාලන හේතූන් මත සිදු කළ කි‍්‍රයාවක් බවටයි විපක්ෂය චෝදනා කළේ. එමෙන්ම, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට වගබලා ගන්නා ලෙසට ද විපක්ෂ කණ්ඩායම් රජයට බල කර සිටිනවා. කෙසේවෙතත්, විපක්ෂයේ දැඩි විරෝධය මධ්‍යයේ එළඹෙන සැප්තැම්බර් 08 වැනිදා රුසියාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.