Tuesday, May 7, 2024

General line - 0115112241

මෝදර මාර්ග කිහිපයක් වසා දැමේ 




අද (02) රාත්‍රී 10 සිට ලබන 5 වන දා අලූයම 5 දක්වා මෝදර, මුතුවැල්ල මාවත ශාන්ත ජේම්ස් හන්දියේ සිට ඩිලාසල් හන්දිය දක්වා වූ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා. ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් එලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

මේ අතර, මෝදර වීදිය, මාදම්පිටිය හන්දියේ සිට රජමල්වත්ත පාර හන්දිය දක්වා වූ මාර්ගය ද ජල නළ එළීම හේතුවෙන් ලබන 2 වන ද රාත්‍රී 10 සිට 5 වන දා අලූයම 5 දක්වා සහ 9 වන දා රාත්‍රී 10 සිට 12 වන දා අලූයම 5 දක්වා රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති. 

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

වසා තැබෙන මාර්ග සහ කාල සීමාවන් පහත දැක්වේ.