Tuesday, May 7, 2024

General line - 0115112241

ලක්ෂ 140ක රත්තරං, රටින් පිට කිරීමට තැත්කළ ඉන්දීය ජාතිකයින් හයක් ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




රුපියල් ලක්ෂ 140කට ආසන්න රත්තරං කිලෝ දෙකක ප්‍රමාණයක් රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔවුන් චෙන්නායි නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීයි.

සැකකරුවන්ගෙන් දෙදෙනෙකු අද (02) දහවල් අත්අඩංගුවට ගැණූනු අතර ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරයේ තිබී රත්තරං කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැණූනා. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන්තොටුපළහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.  

සහකාර පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුශ්ෂන්ත හේවායඩු, උප පොලිස් පරීක්ෂකවරුන් වන නිලන්ත මැණික්පුර හා ටී සුබේශන් මෙන්ම කාන්තා උප පොලිස් පරීක්ෂක නුවංගා රත්නායක මේ සඳහා දායක වුණා.