Tuesday, May 21, 2024

General line - 0115112241

පොලිස් භාරයට ගත් මන්නා පිහි බාරදීමට සැරසුණු පොලිස් ලොක්කෙක්ට වැඩ වරදියි

හේමන්ත කහවලගේ




මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත අදාළ පාර්ශ්වයන්ට භාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අනුදැනුමකින් තොරව ඒවා යළි ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන්.

වෙලම්බඩ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස මුස්ලිම් පල්ලිවලින් සොයා ගැණුනු මන්නා පිහි 76 ක් සහ අත් පොරව 13 ක් යළි ලබාදීමටයි පොලිස් පොතේ සටහනක්ද තබමින් සූදානම්ව තිබුණේ.

මේ වනවිට මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රාජකාරී කටයුතු සඳහා අනියුක්ත කර සිටින වෙලම්බඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ශාන්ත බණ්ඩාර වෙත මෙම ආයුධ යළි මුදා හැරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තාවීමත් සමග ඔහු විසින් එය නතර කිරීමට පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

හජ්ජි උත්සවය සඳහා ගවයන් ඝාතනය කිරීමට එම ආයුධ අවශ්‍ය බව පවසමින් අදාළ මුස්ලිම් පල්ලිවල පිරිස් මේවා යළි ඉල්ලා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.