Tuesday, May 21, 2024

General line - 0115112241

බන්ධනාගාර බස් රථයෙන් බසිනවාත් සමගම නියාමකවරයාගේ අතේ තිබූ ගිනිඅවිය පත්තු වෙයි

සනත් ගමගේ




හම්බන්තොට අධිකරණය අසලදී අද (07) පෙරවරුවේ බන්ධනාගාර නියාමකවරයෙකුගේ ගිනි අවියක් හදිසියේ පත්තු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි හම්බන්තොට පොලිසිය කියා සිටියේ.

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට රැඳවියන් රැගෙන හම්බන්තොට අධිකරණය වෙත බන්ධනාගාර බස් රථයෙන් පැමිණි අවස්ථාවේ දී බස් රථයෙන් බැසීමට යෑමේ දී ස්වංක්‍රීය ගිනි අවිය මෙලෙස හදිසියේ ක්‍රියාත්මක වී ඇති බවයි දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ.

ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ දේපළ හානි කිසිවක් සිදුවී නැති බවද පොලිසිය පැවසුවා.