Saturday, May 11, 2024

General line - 0115112241

ගුණතිලක සහ කරන්නාගොඩ ඉහළම තනතුරුවලින් පිදුම් ලබයි




විශ්‍රාමික  ගුවන්  හමුදාපති  එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක  ගුවන් හමුදාවේ මාර්ෂල් වරයා (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්)  ලෙස  උසස් කරනු ලැබ තිබෙනවා.
 
මෙම තනතුර  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  මෙම පන්තියේ පළමු තනතුර වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාර්ෂල්වරයා ලෙස පත් වු පළමු නිලධාරීයා වන්නේ ද  රොෂාන් ගුණතිලකයි.
 
විශ්‍රාමික නාවික හමුදාපති  වසන්ත කරන්නාගොඩ තරු පහේ අද්මිරාල්වරයකු (අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්) ලෙස  උසස් කරනු ලැබ තිබෙනවා. 
 
මෙම තනතුර ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමුවැනි තරු 5 තනතුරක් සහා උසස්වීමක් ලද පළමු ශ්‍රී ලාංකික නාවික හමුදා නිලධාරීයා වන්නේද වසන්ත කරන්නාගොඩයි.

ඔවුන් දෙදෙනා මෙම ගෞරවනීය නිලයට උසස් කර ඇත්තේ යුද සමයේ මානුෂීය මෙහෙයුමේදී සිදුකළ මෙහෙවර අගයමින්.

මීට පෙර හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධූරයෙන් පිදුම් ලැබුවා.