Saturday, May 11, 2024

General line - 0115112241

තිසර සහ චන්දිමාල් කැනඩාවට

මහේෂ් චතුරංග




කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලිය සඳහා සහභාගිවීමට තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා මීට පෙර තිසර පෙරේරාට කි‍්‍රකට් ආයතනය අනුමැතිය ලබාදී නොතිබූ අතර කී‍්‍රඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් පසු ඔහුට මෙම තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමි වුණා.

නවසීලන්ත තරග සංචාරය ඉදිරි සතියේදී ආරම්භ වන බැවින් කැනඩාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලියට සහභාගි නොවන ලෙසයි කි‍්‍රකට් ආයතනය මීට පෙර තිසර පෙරේරාට දැනුම් දී තිබුණේ.

මෙවර කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලියේදී තිසර පෙරේරා මොන්ටි‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. එම තරගාවලියට සහභාගිවීම සඳහා හිටපු නායක දිනේෂ් චන්දිමාල්ද මේ වනවිට කැනඩාවට ගොස් සිටිනවා.