Sunday, May 12, 2024

General line - 0115112241

ඉවත් වූ ශාන්ත බණ්ඩාර යළි පුරප්පාඩු වූ මන්ත්‍රි ධූරයෙන් එයි

හේමන්ත කහවලගේ




එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාලින්ද දිසානායකගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්තී‍්‍ර ධුුුුරය සඳහා පත්වීමටයි.

අභාවප‍්‍රාප්ත සාලින්ද දිසානායකගෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකර ගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාරයි. 

පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පිවිසි එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඉන් ඉවත්ව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වීම හේතුවෙන් ශාන්ත බණ්ඩාරට එම ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය ලබාදීමට ජනාධිපතිවරයා මීට පෙර තීරණය කළා.