Sunday, May 12, 2024

General line - 0115112241

එච් එන් ඩී ඒ සිසුන්ගේ විරෝධතා පාගමනකට පොලිසියෙන් කඳුළු ගෑස්

සමන්ත කුමාර




උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලිසිය අද (07) කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

අද දහවල් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වූ එම විරෝධතා පාගමන ලෝටස් වට රවුම ආසන්නයට පැමිණීමත් සමඟයි පොලිසිය එය විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේ. එම විරෝධතා පාගමන හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට ද සිදුවුණා.