Wednesday, May 15, 2024

General line - 0115112241

තලෙයිබාන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14ක් මරුට 

දිනුක් හේවාවිතාරණ




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි පොලිස් ස්ථානයක් ආසන්නයේදී තලෙයිබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් එල්ල කරනු ලැබූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන ස්වදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක නස්රත් රාහිමි ප්‍රකාශ කලේ මරාගෙන මැරෙන බෝම්බකරු තමන් පැමිණි වාහනය පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටා ඇති මුරපොළ ආසන්නයේදී පරික්ෂාවට ලක් කිරීමට සුදානම් වනවාත් සමග පුපුරුවා හැර ඇති බවයි.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් තවත් 140 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි නියෝජ්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ශෝල් සාදත් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ.

මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් කැරලිකරුවන් විසින් මේ වන විට බාරගෙන ඇත. අමෙරිකාව සහ තලෙයිබාන් සටන්කාමින් අතර කටාර් හි පැවැත්වෙන 08 වන සාම සාකච්ජා වටය ද පසුගියදා පැවැත්වෙනු ලැබුවා.