Tuesday, May 21, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු තනතුර රුමේෂ් රත්නායකට

සමන්ත කුමාර




නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ස`දහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්කාලීන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති ශම්මි සිල්වා මේ බව කියා සිටියා. රුමේෂ් රත්නායක මේ දක්වා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසද කටයුතු කළා.  

මේ අතර සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ක‍්‍රීඩකයින් 22දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා.

ඒ, ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගේ අනුමැතිය පරිදියි. සුපුරුදු පරිදි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි. හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ද ශ‍්‍රී ලංකා සංචිතයට යළි කැ`දවා තිබීම විශේෂත්වයක්. ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පැවති ටෙස්ට් තරගාවලියේදී දිනේෂ් චන්දිමාල්ට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි වුයේ නැහැ. 

මීට අමතරව අකිල ධනංජය සහ දිල්රුවන් පෙරේරා ද ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය සදහා යළි කැදවා තිබෙනවා. ධනුෂ්ක ගුණතිලක, ලහිරු කුමාර, ශෙහාන් ජයසූරිය සහ අසිත ප‍්‍රනාන්දුට ශ‍්‍රී ලංකා සංචිතයේ ස්ථාන හිමිව තිබීම විශේෂත්වයක්. 

මෙම සංචිතයෙන් ක‍්‍රීඩකයින් 15 දෙනෙකු නවසීලන්තය සම`ග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ස`දහා තෝරා ගැනීමට නියමිතයි. දෙරට අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 14වනදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.