Tuesday, May 21, 2024

General line - 0115112241

එස් බීගෙන් සහ ඩිලාන්ගෙන් දයාසිරිට සැර වාග් ප‍්‍රහාරයක්

මහේෂ් චතුරංග/සමන්ත කුමාර




අගෝස්තු මස 11වනදා පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කළ මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකු සහභාගී වන බව පාර්ලිමේන්තු එස් බී දිසානායක පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළ අතර මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා ද එක්ව සිටියා. 

කෙසේවෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත මීට පෙර කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය 11වනදා පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී නොවන බවයි.

මෙම මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරගේ ක‍්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්වුණේ මෙලෙසයි. 

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා අදහස් දැක්වූවා.