Friday, May 17, 2024

General line - 0115112241

කංජිපානි ඉම්රාන් තවදුරටත් රදවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

අධිකරණ වාර්තාකරු




දැනට රැදවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන කංජිපානි ඉම්රාන්, සැප්තැම්බර් මස 04වනදා තෙක් තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරු නිරීක්ෂණය සදහා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සැකකරු පොලිසිය භාරයේ රඳවා ප‍්‍රශ්න කිරීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් නියෝග අනුව කටයුතු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය එහිදී අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව නැවත නිරීක්ෂණය සදහා කංජිපානි ඉම්රාන් සැප්තැම්බර් මස 4 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කෙරුණේ.