Saturday, May 11, 2024

General line - 0115112241

බැටිකලෝ කැම්පස් විවාදයෙන් මැතිසබය උණුසුම්

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




රජයේ සේවකයන්ට මෑතකදී සිදු කෙරුනු රුපියල් 2,500ක වැටුප් වැඩිවීම සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු අර්ධ රාජ්‍ය ආයතන 346ක සේවකයින්ට නොලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළා.

ඒ, අග‍්‍රාමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න විමසන අවස්ථාවේදීයි. 

රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ද මෙහිදී කරුණු දැක්වූවා. 

මේ අතර බැටිකලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවති කල් තැබීමේ විවාදයේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විවාදයට එක්වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල්ලා මහරුෆ් උන්වහන්සේගේ කතාවට බාධා කිරීමත් සමගයි.