Saturday, May 11, 2024

General line - 0115112241

එජාපයෙන් ජනාධිපති අපේක්ෂකත්වයට නම් දෙකක් යෝජනා වුණොත් මෙතෙක් කල් පැවැති ක්‍රමය දයා ගමගේ පැහැදිළි කරයි

දිල්ශාන් තුෂාර




ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට දීර්ඝ කාලයකට පෙර ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ අවශ්‍යතාවක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව අමාත්‍ය දයා ගමගේ පවසනවා. සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

එහිදී "මම දන්න විදිහට එක්සත් ජාතික පක්ෂය මෙච්චර කාලයක් ජනාධිපති අපේක්ෂකයාව තෝරලා තියෙන්නේ ජනාධිපති මැතිවරණය නිවේදනය කළාට පස්සේ. රනිල් වික්‍රමසිංහ මහතාටවත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තීරණයක් ගන්න අයිතියක් නෑ. එජාප තීරණ ගන්න පුළුවන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණයි. බැරි වෙලා හරි නම් දෙකක් යෝජනා වු‍ණොත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රිවරුන්ගේ රහස් ඡන්දෙකින් අපේක්ෂකයා තෝර ගන්නවා. ඊට පස්සේ ඒ අපේක්ෂකයා කවුරු වුණත් එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා එයාට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ මෙතුවක්කල් පැවැති ක්‍රමය. පොහොට්ටුව ගත්තොත් රාජපක්ෂ පවුලෙන් පිට  අපේක්ෂකත්වය දෙන්න කෙනෙක් නෑ. නමුත් එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට සුදුසු නම් 07ක් 08ක් ඉදිරිපත් කරන්න පුළුවන්." යනුවෙන් සඳහන් කළා.