Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රභූ ඝාතන චෝදනාවෙන් "මාකඳුරේ මධුෂ්ට" ඇප ඉල්ලා අධිකරණයට ඉල්ලීමක්

දිනුක් හේවාවිතාරණ




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට දැනට රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥවරයා අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. 

මාකඳුරේ මධුෂ් නම් සංවිධානාත්මක අපරාධකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ තම සේවා දායකයාට එරෙහිව ඉහත චෝදනාව සම්බන්ධයෙන් ලබා ගෙන තිබු රැඳවුම් නියෝගය පසුගිය අගෝස්තු මස 03 වෙනිදායින් අවසන් වී ඇති බවත් එය මේ දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර නොමැති බවයි.

ඒ නිසා ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නගා ඇති චෝදනාවෙන් මාකදුරේ මධුෂ් නම් සිය සේවාදායකයාව ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරයා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අගෝස්තු මස 21 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නොතිසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කරනු ලැබුවා.