Sunday, May 12, 2024

General line - 0115112241

එජාප පසුපෙළත් අද රැස්වෙයි

හේමන්ත කහවලගේ/ නිශාන් ද සිල්වා




එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්තී‍්‍ර කණ්ඩායමේ සාකච්ඡාවක් අද පෙරවරුවේ  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. පෙරවරු 11.30 ට ආරම්භ වන මෙම සාකච්ඡාවේදි ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබද සාකච්ඡා කෙරෙනු ඇති. එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුව ඇති ජනාධිපති අපේක්‍ෂක අර්බුදය පිළිබදවද මෙහිදී වැඩි වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සාකච්ඡාවක් සඳහා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා. එලෙසම සාකච්ඡාවට කැඳවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගෙන් කොටසක් පමණයි. 

සාකච්ඡාවේ අරමුණ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ. දේශපාලන ආරංචි පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම කැඳවන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් ලිපියකට අත්සන් ලබාගනිමින් සිටින බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් පිරිසක් මෙලෙස කැඳවා ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.