Sunday, May 12, 2024

General line - 0115112241

මාස 06කින් නීති විරෝධී මත්පැන් ජාවාරම් මර්දනය කළ හැකි ක්‍රමය රාජිත කියයි




නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඩලීමට සුරාබදු දෙපාර්තමේන්තුව සහ පොලීසිය දැඩි කි‍්‍රයාමාර්ග ගන්නේ නම් මාස 6 ක් තුළ එම ජාවාරම් මර්දනය කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මේ වනවිට කෘතීම රා නිෂ්පාදන ජාවාරම් කළුතර දිස්ති‍්‍රක්කයේ බහුලව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.

එහි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ නීතිවිරෝධී මත්පැන් වැටලීම් සහ කෘතීම රා නිෂ්පාදනාගාර වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි.