Saturday, November 30, 2024

General line - 0115112241

අභ්‍යවකාශයෙන් නිකුත් වූ නවතම රේඩියෝ සංඥා 08 ක් ග්‍රහණය කර ගැනේ  

දිනුක් හේවාවිතාරණ




ගැඹුරු අභ්‍යවකාශයෙන් නිකුත් වූ රේඩියෝ සංඥා 08ක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා. ඒ එම සංඥා කැනේඩියානු හයිඩ්‍රෝජන් සිතියම් කරන ගුවන් විදුලි දුරේක්ෂය විසින් ග්‍රහණය කර ගැනීමට සමත්වීමත් සමගයි.

විද්‍යාඥයින් පවසන්නේ මේ වසරේ මුල් කාල සීමාවේදී දී මේ අයුරින් නිකුත් වූ සංඥා තුනක් හසුකර ගැනීමට සමත් වූ බවත් මේ වන විට ගැඹුරු අභ්‍යවකාශයෙන් නිකුත් වූ සංඥා 11ක් ග්‍රහණය කර ගැනීමට සමත්ව ඇති බවයි. එම සංඥා සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ සඳහා අලුතින්ම හසුකර ගැනීමට හැකිවූ දත්ත උපයෝගී වනු ඇති බවයි විද්‍යාඥයින් මත පළකර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන ඕස්ට්‍රේලියානු ජාතික විශේෂඥයින් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායම සඳහන් කරන්නේ මෙම සංඥා පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3.6ක් ඈතින් පිහිටි මන්දාකිනියකින් නිකුත් වන්නට ඇති බවට සැකපළ කරන බවයි. 

ග්‍රහණයට ලක්ව තිබෙන නවතම දත්ත සහ කලින් ලැබූ දත්ත එකිනෙක සංසන්දනය කිරීම හරහා මේ සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරික්ෂණයන් නව මාවතකට ගෙන ඒමට හැකිවනු ඇති බවයි විද්‍යාඥයින් මත පළකර සිටින්නේ.