මින් මතු කිසිඳු සාකච්ඡාවක් සඳහා දකුණු කොරියාව සමග එකම මේසයක අසුන් ගන්නේ නැතැයි උතුරු කොරියාව පවසනවා. සිය විරෝධය නොතකා දකුණු කොරියාව සහ අමෙරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයන් සිදු කිරීම හේතුවෙන් තමන් මෙම තීරණයට එළඹි බවයි උතුරු කොරියාව වැඩිදුරටත් පැවසුවේ.
දකුණු කොරියාව මෙලෙස දිගින් දිගටම තමන්ට එරෙහිව ක්‍රියාකරන්නේ නම්, සාකච්ඡා පැවැත්වීමේ ඇති ප්‍රතිපලය කුමක්දැයි නිවේදනයක් නිකුත් කරමින් උතුරු කොරියාව ප්‍රශ්න කරනවා. ඒ අනුව දෙරටෙහි සාකච්ඡා බිඳ වැටීමට හේතුව දකුණු කොරියාවේ ක්‍රියාකලාපයන්වල ඇති දුර්වලතා බවටයි උතුරු කොරියාව චෝදනා කරන්නේ.