Monday, May 20, 2024

General line - 0115112241

මරණ දඬුවම නියමවුවන් 05 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරිමට CIDයට අවසර

දිනුක් හේවාවිතාරණ




මරණ දඬුවම නියමවි සිටින රැදවියන් පස්දෙනෙකුගෙන් ප්‍රශ්න කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර ලබා දුන්නා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරිමට තැත් කිරිමේ කුමන්ත්‍රණයට අදාලව සිදුකරනු ලබන විමර්ශනයන්ට අදාලවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙලෙස මරණ දඬුවම නියමව සිටින පස් දෙනෙකු ගෙන් ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේත්‍රාත්වරයා විසින් බන්ධනාගාර දෙකකට නියෝග නිකුත් කර තිබෙනවා.