Monday, May 20, 2024

General line - 0115112241

කැළණි ගං ඉවුර අසළ නාදුනන මළසිරුරක්




පෑලියගොඩ පොලිස් වසමේ කැළණිය ගං ඉවුර අසළ නාදුනන පිරිමි මළසිරුරක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය පැමිණ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ (20) සවස 3.30ට මෙම නාදුනන මළසිරුර සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී තිබුණා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන උස අඩි 05ක් පමණ පිරිමි පුද්ගලයෙක්.

මෘත ශරීරය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.