Monday, May 20, 2024

General line - 0115112241

සජිත් සහ රනිල් ගැන එජාපයේ බහුතර මන්ත්‍රිවරුන්ගේ මතය කියයි

තරංග රුක්ෂාන්




අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් ඊයේ  (20) රාත්‍රියේ පැවැත්වුණා. ඒ, කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසේදීයි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, ගයන්ත කරුණාතිලක මෙන්ම කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදසා ද සහභාගී වූ බවයි. 

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ පළ කළේ මෙවන් අදහසක්. 

"බහුතර මන්ත්‍රිවරු.. විශේෂයෙන්ම පසුපෙළ ඉතා පැහැදිළිව ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවත් එක්කම පක්ෂයේ නායකත්වය සහ ඊළඟ විධායක අගමැතිවරයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. පසුපෙළ සජිත් මහත්තයත් එක්ක ඉන්න පිරිසට මාත් ඉන්නවා"
 

මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 123 දෙනාගෙන්, 96 දෙනෙකුගේම සහය හිමිවී ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාසටයි. ඔවුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.