Monday, May 20, 2024

General line - 0115112241

යාල කොටස් දෙකක් මාස දෙකක් වැසේ

සනත් ගමගේ




යාල ජාතික උද්‍යානයේ කොටස් දෙකක් සැප්තැම්බර් 01 වැනිදා සිට  ඔක්තෝබර් මස 31 වැනිදා දක්වා දෙමසක කාලයක්  වසා තැබෙන බව දකුණ ඌව වනජීවි සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස පැවසුවා.

වන සතුන්ගේ  ප්‍රජනන ක්‍රියාවලිය යෙදෙන මෙම කාල සීමාව තුළදී යාල ජාතික උද්‍යානයේ  කලාප අංක 1 සහ 2 යන කොටස් වලට ඇතුල්වීම සම්පූර්නයෙන්ම  තහනම් කර තිබෙනවා. 

වනජීවි නිළධාරින්ද සාමන්‍ය මුර සංචාර කටයුතු පවා සීමා කරමින් මෙම කාලයේ රාජකාරී කටයුතු සිදු කරන බවද සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවා.

මෙම කාලය තුළදි යාල ජාතික උද්‍යානයේ ගල් ගෙය අසල දොරටුවෙන් පමණක් කලාප අංක 3, 4, සහ 5 යන  කොටස්වල සංචාරයකින්ට සංචාරය කිරීමට අවස්ථාව ලබා දෙන බවද එම කලාපවල වනය විශාල ප්‍රදේශයක පැතිරී තිබෙන නිසා වන සතුන්ට සංචාරකයින්ගෙන් බාධා ඇති නොවන හෙයින් මෙම කලාප විවෘත කර ඇති බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කළා.

යාල උද්‍යානයේ කලාප අංක 1 සහ 2 කොටස්වලට සංචාරකයින් බහුල වශයෙන් පැමිණෙන කලාපයක් වන බවත් වන සතුන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශයක් වන නිසා එම කලාප දෙක වසා තැබීමෙන් ප්‍රදේශයේ සෆාරී ජීප්  රියදුරන්ට සිය ජිවනෝපාය  මාර්ගය මසක් අහිමිවන හෙයින් බූන්දල, ලුණුගම්වෙහෙර, උඩවලව, ගල්ඔය, කුමන යන ජාතික උද්‍යාන විවෘත කර තිබෙන නිසා සංචාරකයින් එම උද්‍යානවලට රැගෙන යෑමට හැකි බවද වනජීවි සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළා.