Monday, May 20, 2024

General line - 0115112241

වෑන් රථය ලොරි රථයක ගැටෙයි - 08ක් රෝහලේ

ප්‍රියංකර කළුපහන




අනුරාධපුර මාර්ගයේ අලුත්ගම 18 කණුව ප්‍රදේශයේදී අද (21) අලුයම වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ දරුවෙකු ඇතුළු අටදෙනෙකු නොච්චියාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ වෑන් රථයේ ගමන් ගත් පිරිස කටුනායක සිට මුලතිව් බලා ගමන් කරමින් සිටියදී වෑන් රථයේ වේගය එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව යාමෙන් ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.  

වෑන් රථය ධවනය කල රියදුරු ඇතුළුව එහි ගමන් කල පිරිමි 04 දෙනෙකු හා කාන්තාවන් 04 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
 
මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙන මෙම පිරිස විදෙස් ගතවන ඥාතියෙකු කටුනායක ගුවන් තොටුපල වෙතට පිටත් කර ආපසු මුලතිව් වෙතට යමින් සිටියදී මෙම අනතුර සිදු වී තිබුණා.