Monday, May 20, 2024

General line - 0115112241

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත අලුත් වෙයි




මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කළේ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් සහ  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළයි.

එහි දැක්වෙන්නේ අදාළ පනත සංශෝධනය කිරීම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි. 

ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන ආදී කරුණු සංශෝධනය කරනු ඇති. මෙරට මුස්ලිම් විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් ඇති වුණා.