Tuesday, May 21, 2024

General line - 0115112241

පුරවැසිභාවය ගැන ගෝඨාභයගෙන් යළිත් තහවුරු කිරීමක්

දිල්ශාන් තුෂාර/කසුන් කැලුම්




තමන් අමෙරිකානු පුරවැසි භාවය ඉවත්කරගෙන තිබෙන බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තමන්ට කිසිදු බාධාවක් නොමැති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද ප‍්‍රකාශ කළා.

ඒ, එම පෙරමුණේ පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ අද පැවති හමුවකදීයි.

ද්විත්ව පුරවැසියෙකු ලෙස සදහන් කර තමන්ට ලබාදී තිබූ විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කර, ශී‍්‍ර ලාංකික පුරවැසියෙක් බව සදහන් නව විදෙස් ගමන් බලපත‍්‍රයක් තමන්ට මේ වනවිට ලැබී ඇති බවයි හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මෙහිදී සදහන් කළේ. 

මේ සම්බන්ධයෙන් නොයෙක් අසත්‍ය ප‍්‍රචාර සිදු කරමින් අධිකරණමය කි‍්‍රයාමාර්ගයකින් හෝ ප‍්‍රශ්න ඇති කිරීමට ඇතැමුන් උත්සාහ දරමින් සිටින බවයි හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටි අතර එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සදහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුරුන් වුව ද එම පක්ෂය දෙකඩ වීම වැළැක්විය නොහැකි බවයි.