Tuesday, May 14, 2024

General line - 0115112241

හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇගවීමක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෙබනන් ගුවන් කලපයට ඇතුළුවන ඊශ්‍රායලයට අයත් සියලුම ඩ්‍රෝන යානා බිම හෙළන බවට ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසනවා. එහි නායක හසන් නසරල්ලා පවසන්නේ ඊශ්‍රායලය, ලෙබනන් ගුවන් සීමාව වෙත ඩ්‍රෝන යානා පිටත්කර එවීම වළක්වා ලිය හැකි සියලු පියවර ගන්නා බවයි.

ඊශ්‍රායලයට අයත් බව පැවසෙන ඩ්‍රෝන යානාවක් ඉකුත් දා ලෙබනන් ගුවන් කලාපයේදී අනතුරට ලක්වුණා. තවත් ඩ්‍රෝන යානාවක් ප්‍රහාර එල්ල කර විනාශ කළ බවයි ලෙබනනය පැවසුවේ. මෙලෙස ඩ්‍රෝන යානා සිය රටට ඇතුළුවීම සිය රටේ ස්වෛරීත්වයට තර්ජනයක් බව ලෙබනන් අග්‍රාමාත්‍යවරයා පවසනවා. ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාකයෙන් ද ඊශ්‍රායලය වෙත චෝදනා එල්ල වනවා.