Monday, May 13, 2024

General line - 0115112241

එජාපයේ සුදුස්සා සුදුසු වෙලාවට නම් කරනවා : ඇමති රවී කියයි

ලහිරු කපුගේ




ඇතැම් පිරිස් පක්ෂ විනයද උල්ලංඝණය කරමින් විවිධ ප්‍රකාශ කරමින් සිටියත් එක්සක් ජාතික පක්ෂය සුදුසුම අවස්ථාවේදී ජනාධිපතිවරණයට සුදුසුම අපේක්ෂකයා නම් කරන බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිඹුලා ඇල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.  

මේ අතර ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය පාඨලී  චම්පික රණවක පැවසුවේ මෙම අවස්ථාවේදී වඩා වැදගත් වන්නේ අපේක්ෂකයා නොව සියළු දෙනා එකතු කර ගත හැකි පුලුල් සන්ධානයක් බවයි.