Monday, May 13, 2024

General line - 0115112241

ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී ජනාධිපතිවරණය ගැන සාකච්ජා නැහැ

දිනුක් හේවාවිතාරණ




අද රැස්වු ශ්‍රි ලංකා මධ්‍යම කාරක සභාවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජාවට බඳුන් නොවු බව වාර්තා වනවා.

මේ වන විට ජනාධිපතිවරණයක් පැවැත්විම සම්බන්ධයෙන් දින වෙන් කිරිමක් හෝ ඊට අදාලව නාම යෝජනා කැඳවිමක් සිදුකර නොමැති පසුබිමක ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරිමේ අවශ්‍යතාවයක් නොමැති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදි ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර ලබන සැප්තැම්බර් මස 03 වෙනිදා පැවැත්විමට නියමිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන සමුළුව සම්බන්ධයෙන් අද පැවති මධ්‍යම කාරක සභාවේදි දීර්ඝ වශයෙන් සාකච්ජා කළ බවයි පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයෙක් සඳහන් කර සිටියේ.