Tuesday, May 14, 2024

General line - 0115112241

ඇමසන් තාමත් ගිනි ගනි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇමසන් වනාන්තරයේ හටගෙන ඇති ගිනි ගැනීම් තත්ත්වය කඩිනමින් මැඩපැවැත්වීම සඳහා මූල්‍ය සහ සෙසු පහසුකම් ලබාදීමට ලෝක නායකයින් එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ, ජී 7 රාජ්‍ය නායක සමුළුවේදීයි.

ඒ අනුව ජී 7 සමුළුවේ රටවල් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 22 ක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමටයි තීරණය කර ඇත්තේ. කැනඩාව, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි‍්‍රතාන්‍ය සහ අමෙරිකාව මෙලෙස ආධාර ලබාදීමට එකඟතාව පළ කළ රටවල් වනවා.

ඒ අනුව මෙම පහසුකම් උපයෝගී කර ගනිමින් ගිනි නිවීමේ මෙහෙයුම් දැඩි කරනු ඇති. ඒ සඳහා දැනට කි‍්‍රයාත්මක කෙරෙන සැලසුම්වලට අමතරව තවත් සැලසුම් කි‍්‍රයාත්මක කිරීමට කඩිනමින් මුදල් ලබාදීමට නියමිතයි. එහි ප‍්‍රමුඛ කාර්යයක් වන්නේ ගිනි නිවීම් සඳහා යොදා ගන්නා ගුවන් යානා වැඩි වශයෙන් ඒ සඳහා යොමු කිරීමටයි. 

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව පාථිවියේ ඔක්සිජන් අවශ්‍යතාවයෙන් සියයට 20 ක් සපුරන ඇමසන් වනාන්තරය තවදුරටත් ගිනි ගනිමින් තිබෙනවා.