Monday, May 13, 2024

General line - 0115112241

අරුවක්කාලු අංගනයට කසල බැහැර කිරීම් සිදුකරන්නේ නියමිත සැලසුමට නොවෙයි : ඇමති පාඨලී කියයි

සජිත් තිලකරත්න




අරුවක්කාලු කසල අංගනය වෙත කොළඹ මහනගර සභාව මේවනවිට කසල බැහැර කරමින් සිටින්නේ සිය සැලසුම් අනුව නොවන බව බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඒ අනුව මෙම කසල බැහැර කිරීම් නිසා ඇතිවිය හැකි නරක ප්‍රතිවිපාක වෙතොත් ඒවාට කොළඹ මහ නරග සභාව වගකිව යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා අවධාරණය කළේ. 

කොළඹ සිට අරුවක්කාලු කසල අංගනය වෙත කසල ප්‍රවාහන කරන ලොරි රථවලට ප්‍රහාර එල්ල වූ සිද්ධීන් කිහිපයක් ද ඉකුත් දිනවල වාර්තා වුණා. ඒ පිළිබඳ කළ විමසීමේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ අන්තවාදී කණ්ඩායමක් මෙලෙස ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බවයි. 

ප්‍රණ්ඩ ක්‍රියා සිදුකරන්නන් සම්බන්ධයෙන් පොලීසිය නිසි පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. 

මේ අතර කොළඹ සිට අරුවක්කාලු කසල අංගනය වෙත කසල ප්‍රවාහන කරන ලොරි රථවලට ආරක්ෂාව සපයන බවට ජනාධිපතිවරයා ද ඉකුත් දා සහතික වූ බවයි කොළඹ මහ නගර සභාව මීට පෙර පැවසුවේ.