Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාවේ සිදුවූ රිය අනතරකින් 16 දෙනෙකු මියයයි

ඩිල්ෂාන් මඩවල




ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. ලොරි රථයක්, වෑන් රථ 02 ක් මතට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය වාර්තා පවසන්නේ. තුවාල ලැබූ තවත් 05 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද වාර්තා වුණා.

ඉන්දියාව සැලකෙන්නේ ලොව රිය අනතුරු බහුල රටක් ලෙසයි. 2017 වසරේදී පමණක් එරට රිය අනතුරු හාරලක්ෂ 60,000 ක් සිදුව ඇති අතර මියගිය ගණන එක් ලක්ෂ 50,000 කට ආසන්නයි. ඒ අනුව රිය අනතුරු නිසා ඉන්දියාවේ දෛනික සිදුවන මරණ ගණන 410 ක් පමණ වනවා.