Tuesday, May 21, 2024

General line - 0115112241

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් මුල

සමන්ත කුමාර/නිශාන් ද සිල්වා




ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය එළඹෙන ඔක්තෝබර් මස පළමු සතිය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව කියා සිටියා. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ මැතිවරණය වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කළා.

ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්.