Friday, May 17, 2024

General line - 0115112241

ගෝඨා ජනපති කරවීමට වෘත්තිකයන් ඇතුලු බොහෝ බලවේග සටන අරඹයි

සමන්ත කුමාර/ නිශාන් ද සිල්වා




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂා කළ නොහැකි මට්ටමේ පිරිසක් සකච්ජා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වන කාලය තෙක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන පාර්ශව සකච්ජා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි මන්තී‍්‍රවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

අද සිට ඉදිරි දින 5 තුළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන විවිධ සංවිධාන සහ වෘත්තිකයන්ගේ සමුළු ගණනාවක් පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල කරුණු දැක්වූවා.