Friday, May 17, 2024

General line - 0115112241

"මම ඉන්නේ රට හදන්න..රට බෝක්කුවට දාන්න ඕනේ නම් රට බෝක්කුකාරයන්ට බාර දෙන්න"

දිල්ශාන් තුෂාර




තමන් බලයට පැමිණියේ බෝක්කු සෑදීමට නොව රට ගොඩනැගීමට බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුලියාපිටියේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී "මම එකක් කියන්න ඕනේ.. මම බෝක්කු හදන්නේ නෑ. මම බෝක්කුකාරයෙක් නෙමෙයි. මම ඉන්නේ රට හදන්න. ඒ නිසා මම රට හදලා දෙන්නම්. රට බෝක්කුවට දාන්න ඕනේ නම් රට බෝක්කුකාරයන්ට බාර දෙන්න. රට හදන්න ඕනේ නම් අපි එක්ක එන්න." යනුවෙන් ද සඳහන් කළා.

ඉදිරි වසර පහේදී ණය ගෙවීම සඳහා වේගවත් කි‍්‍රයාවලියක් අරඹන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.