Tuesday, May 21, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණ අපේක්ෂකයාගේ වෙනසක් වෙන්නේ නැහැ : කෙහෙළිය කියයි

කමල් සුරවීර - මහනුවර




කුමන පාර්ශවයක් සමග කුමන සාකච්ඡා පැවැත්වුවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනස් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර ඉකුත් දා සාකච්ඡාවක් පැවැත්වුවද, ඒ පිළිබඳ තමන් ද කිසිවක් නොදන්නා බවයි. 

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් දියහැකි එකම පුද්ගලයා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පමණක් බව ද මෙහිදි ප්‍රකාශ කෙරුණා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මෙම අදහස් පළ කළේ මහනුවර අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.