Friday, May 17, 2024

General line - 0115112241

සතුටින් දිවි ගෙවමින් ධනාත්මකව අභියෝගවලට මුහුණ දීමට ජනතාව සවිබල ගැන්වීමට නෙත් සූදානම්

තරංග රුක්ෂාන්/සජිත් තිලකරත්න




මෙරට රේඩියෝ ශ‍්‍රාවකයින්ට නිරන්තරයෙන් නැවුම් අත්දැකීම් රැසක් තිිළිණ කරන නෙත් එෆ්. එම්. රේඩියෝව අද (02) සිට එවන් තවත් නැවුම් අත්දැකීමක් එක් කිරීමට සූදානම් වනවා.

ඒ, ‘‘නෙත් එෆ් එම් සතුටු සඳුදා’’ යන තේමාව ඔස්සේයි. ඒ අනුව අද සිට සෑම සඳුදාවකම නෙත් එෆ්. එම්. රේඩියෝව නව වැඩසටහන් සම්ප‍්‍රදායක් හදුන්වා දෙන්නේ සතුටින් දිවි ගෙවමින් ධනාත්මකව අභියෝගවලට මුහුණ දීම සඳහා ජනතාව සවිබල ගැන්වීමේ අරමුණින්. 

සතුටින් සිටීම පුද්ගලයෙකුට කෙතරම් වැදගත්ද? යන්න ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මනෝ විද්‍යා විශේෂඥ වෛද්‍ය ඉන්දික මුදලිගේ පැහැදිළි කරමින් සඳහන් කළේ ජීවිතයේදී ඇතිවන ගැටලුවලට නිවරැදිව මුහුණ දී නිවරැදි විසඳුම් සොයා ගැනීමට සතුටින් සිටීම බොහෝ සෙයින් වැදගත් වන බවයි. 

වඩා වැදගත් වන්නේ මානසික සතුට බවත්, මිනිස් ඉන්ද්‍රියන් ප‍්‍රශස්ථ මට්ටමින් කි‍්‍රයාත්මක වීමේදී ඉන් ලැබෙන පිටුවහල ඉතා වැදගත් බවත්, මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර තමන්ගේ මෙන්ම අන්අයගේත් සතුට වෙනුවෙන් කැපවී කටයුතු කරන පුද්ගලයින් ද අප සමාජයේ  ඕනෑතරම් දැක ගත හැකියි. එවන් පිරිසක් නෙත් නිවුස් වෙත ඊයේ (01) මුණගැසුනේ මාතර කිරළකැලේ අභයභූමිය ප‍්‍රදේශයේදීයි.

ඇද හැලූනු අධික වැසි නොතකා ඔවුන් මාතර කිරළකැලේ තුළ කුඹුක්, මී, අඹ වැනි ශාක පැළ අධික ප‍්‍රමාණයක් සිටවූයේ මතු පරපුරේද උන්නතිය උදෙසායි.

එම වැඩසටහනට එක්වූ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ පෙරදිග සංගීත ආචාර්යවරයා වන රෝයි පරණවිතාන කියා සිටියේ මේ ගස් කොලවලින් ලැබෙන පරිසර සහයෝගයේ වැදගත්කම සියලු දෙනාගේම හිතට දැනෙන ආකාරයෙන් වැඩසටහන් දියත් කර යුතු බවයි.

ඔවුන් මෙලෙස සිය කාලය, ශ‍්‍රමය, ධනය කැපකරමින් මෙරට වනාන්තර පද්ධතියට තවත් ශාක පැළ ප‍්‍රමාණයක් මෙලෙස එක් කළේ ලොව ඔක්සිජන් අවශ්‍යතාවයෙන් සියයට 20 ක් සපුරන ඇමසන් වනාන්තරය දැවැන්ත ගිනි ගැනීමකට නතු වූ පසුබිමක් තුළයි.