Friday, May 17, 2024

General line - 0115112241

"ගමේ කසිප්පු පෙරන්නේ ග්‍රාම නිලධාරිනියයි" - සිවිල් සංවිධානයක් කියයි

කසුන් කැලුම්/දිල්ශාන් තුෂාර




නීතිවිරෝධී මත්පැන් සහ කෘතීම රා මේ වනවිට රටේ දරුණු උවදුරක් බවට පත්ව තිබෙනවා.

මීරිගම, පල්ලෙවෙල ප‍්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් ජීවිතක්‍ෂයට පත් වූ හා රෝගී වූ පුද්ගලයින්ට සාධාරණයක් ඉටුකරන ලෙස සහ එම ජාවාරම් වැටලීමට කටයුතු කරන්නැයි පොලිස් මූලස්ථානයට පැමිණිලි 22 ක්ද ඉදිරිපත් කෙරුණා.

ඒ, මීරිගම, පල්ලෙවෙල ප‍්‍රදේශවාසීන් සහ සිංහලයේ ජාතික සංවිධානය විසින්. සිංහලයේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ප‍්‍රදීප් සංජීව කියා සිටියේ ග්‍රාම නිලධාරිනියක් ගමේ කසිප්පු පෙරමින් ඇති බවත් ඒ දෙස නොබලා පොලිසිය කටයුතු කරමින් ඇති බවයි.

යූරියා, බැරලෝහ සහ ජංගම දුරකතනවල බැටරි යොදා ගනිමින් කෘතිම රා නිෂ්පාදනය කෙරෙන අතර ඒවා මිනිස් සෞඛ්‍යට දැඩි ලෙස හානි දායක බවටයි  සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත්තේ. සෞඛ්‍යට හානිදායක මෙම කෘතීම රා ඇතැම් පිරිස් විනාකිරි නිෂ්පාදනයට යොදා ගන්නා බවට ද තොරතුරු ලැබී තිබෙනවා.