Friday, May 17, 2024

General line - 0115112241

රට යන්න අවසර ඉල්ලූ ශනිල් රට යන්නේ නෑ කියයි

අධිකරණ වාර්තාකරු




බැදුම්කර කොමිෂන් සභාව හමුවේදී අමාත්‍ය  රවි කරුණානායකට එරෙහිව  සාක්ෂි ලබා දුන් අනීකා විජේසූරිය නැමැත්තියගේ සොහොයුරාට  මරණීය තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින  ශනිල් නෙත්තිකුමාර නැමැත්තා විදේශ ගත වීමට කරන ලද ඉල්ලීම අද (02) ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

සැප්තැම්බර් මස ඩුබායිහි පැවැත්වෙන විදුලි බලශක්ති සම්බන්ධයෙන් ලෝක සමුළුවකට සහභාගි වීමට අවසර ලබා දෙන ලෙසටත් ඔහු මේ වන විට විදුලිබල අමාත්‍යාංශයේ මහජන සම්බන්ධීකරණ නිළධාරියෙකු ලෙසට කටයුතු කරන බවත් ශනිල් නෙත්තිකුමාර මීට පෙර මෝෂමක් මගින් දැනුම් දුන්නා.

කෙසේවෙතත් මෙම ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළ කළ අතර අධිචෝදනා ලබා ඇති පුද්ගලයකු රජයේ තනතුරක් දරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා.

තම පියා ශල්‍යකර්මයකට භාජනය කර ඇති බැවින් විදේශ ගත වීමක් සිදු නොකරන බව ශනිල් නෙත්තිකුමාර මෙලෙස දැනුම් දී තිබෙනවා.

මෙම නඩුව සැප්තැම්බර් මස 09 වැනි දා යළි කැඳවීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ශනිල් නෙත්තිකුමාර නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරනයේ අධිචෝදනා ගොනු කර තිබුණි.