Friday, May 17, 2024

General line - 0115112241

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

සජිත් තිලකරත්න




ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස නීතීඥ කණිෂ්ක රාජපක්ෂ අද සිය ධූරයේ වැඩ බාර ගත්තා.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ 22 වැනි සභාපතිවරයායි.

වැඩ බාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඔහු පැවසුවේ ජාතික තරුණ සේවා සභාව තරුණයන් අතට පත්කරමින් නව අදහස් ලබා ගෙන වැඩ සටහන් රැසක් ඉදිරිපත් කරන බවයි.

නව සභාපතිවරයා වැඩ භාර ගැනිමේ අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති නිතිඥ එරන්ද වැලිඅංගේ ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වුණා.