Thursday, May 16, 2024

General line - 0115112241

ජනපතිවරණය ගැන මන්තී‍්‍ර රෝහිතගෙන් අනාවැකියක්

දිල්ශාන් තුෂාර/ඩිල්ෂාන් මඩවල




එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේවන විට කටයුතු කරමින් සිටින බවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මෙම හැසිරීම දෙපාර්ශවය අතර ගොඩනැගෙමින් තිිබෙන සහසම්බන්ධයටද අවහිරයක් විය හැකි බවයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම කරුණු දැක්වූවා.

ඇල්පිටිය ප‍්‍රදේශීය සභාව සදහා වන ඡන්ද විමසීම යළිත් කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවට ද මෙහිදී චෝදනාවක් කෙරුණා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධනද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ඔහු පැවසුවේ රටට පණිවිඩයක් දිය හැකි නායකයෙකු එක්සත් ජාතික පක්ෂය සතුව නොමැති බවයි. ජනාධිපති අපේක්ෂකයෙකු තවමත් නම් කරීමට ඔවුන්ට නොහැකි වී ඇත්තේ ඒ නිසා බව ද මන්තී‍්‍රවරයා පැවසුවා. 

ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය පිළිබදව අනාවැකියක්ද රෝහිත අබේගුණවර්ධන මන්තී‍්‍රවරයා අද කියා සිටියා. ඒ කැළණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිධූරයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීමට එහි දායක සභාවේ අනුමැතිය ලැබී ඇතැයි කියන ප‍්‍රවෘත්තියද උපුුටා දක්වමින්.
 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිට සිය පක්ෂ කර්යාලයේදී