Thursday, May 16, 2024

General line - 0115112241

පළාත් සභා ඡන්දය පැරණි ක‍්‍රමයට බැහැ - ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ජනපතිට

ඩිල්ෂාන් මඩවල




පළාත් සභා සංශෝධන පනත සම්මතවීමට පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙත දන්වා එවා තිබෙනවා.

සීමා නිර්ණ කමිටුව විසින් අමාත්‍යවරයා වෙත භාරදී ඇති වාර්තාවේ සදහන් සීමා මායීම් ප‍්‍රකාශයට පත්කිරීමේ බලයක්ද ජනාධිපතිවරයාට නොමැති අතර ඒ හේතුව නිසා පළාත් සභා සංශෝධන පනත යටතේද පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙත වැඩිදුරටත් දන්වා එවා තිබෙන්නේ.

පළාත් සභා ඡන්ද විමසීම දිගින් දිගටම ප‍්‍රමාද වීම සැලකිල්ලට ගෙන එම ඡුන්ද විමසීම සම්මත වී ඇති නව නීතිය යටතේ පැවැත්විය නොහැකි නම් පෙර පැවති නීති යටතේ හෝ එම ඡන්ද විමසීම පැවැත්විය හැකිදැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියා.

ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් සිය මතය ජනාධිපතිවරයා වෙත දන්වා එවා තිබෙන්නේ ඊට ප‍්‍රතිචාර වශයෙන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අදාළ කරුණූ විමසා බැලූවා. ප‍්‍රකාශිත මතය ඔවුන්ගේ ඒකමතික තීන්දුවක් වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න පැවසුවේ.