Sunday, May 12, 2024

General line - 0115112241

"සමුළුවෙන් ලංකාවට ලොකු වාසියක් ලැබෙනවා" - සිදුවන අපහසුතා ගැනත් බෝරාවරුවන් කණගාටුව පළ කරයි

දිල්ශාන් තුෂාර




මේ දිනවල පැවැත්වෙන බෝරා සමුළුව හරහා අමෙරිකානු ඩොලර් මිලියන 35කට අධික විදේශ විනිමයක් ශී‍්‍ර ලංකාවට ලැබෙන බව මෙරට බෝරාවරුන්ගේ නියෝජිත, මාධ්‍යවේදී ශබීර් හුසේන් ශෙයිබුදීන් පවසනවා.

අමෙරිකාව, බි‍්‍රතාන්‍ය වැනි ලොව ප‍්‍රධාන පෙලේ රටවල් බෝරා සමුළු පැවැත්වීමට සුදානම් වුවද මෙවැනි සමුළුවක් පැවැත්වීම ශී‍්‍ර ලංකාවට මහගු අවස්ථාවක් බවයි ඔහු කියා සිටියේ. ඒ, Nu1's Hour යූටියුබ් වැඩසටහනට අදහස් දක්වමින්. 

බෝරාවරුන් සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කෙරුණා. 

බම්බලපිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බෝරා සමුළුව විධිමත්ව සංවිධාන නොකිරීම හේතුවෙන් බම්බලපිටිය ඇතුළු ඒ ආසන්න ප‍්‍රදේශවල පදිංචි සහ සේවය කරන පිරිස් පීඩාවට පත්වූ අවස්ථාවන් පිළිබඳ නෙත් නිවුස් සහ බැලූම්ගල මගින් ද අනාරවණ කළා. මෙම අනාවරණයන්ගෙන් පසු බෝරා සමුළුවේ මෙහෙයුම් විධිමත් කිරීමට ආණ්ඩුවේ පාර්ශ්වවල අවධානය යොමු වුණා.