Sunday, May 12, 2024

General line - 0115112241

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තවදුරටත් කැපවී කටයුතු කරන බව අගමැති කියයි




විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු කියාසිටියේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම හේතුවෙන් ජනාධිපති ධුරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු බවයි.

19 වන සංශෝධනයෙන් පසුව විධායක ජනාධිපතිවරයා සතුව තිබූ බලතල සීමාවී කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව වෙත සාමුහික වගකීම පැවරුණු බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ඒ, සිය නිල සංචාරය තුළදී මාලදිවයින් පාර්ලිමේන්තුව හෙවත් මහජන මජ්ලිසය අමතමින්. 

එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ සහයෝගය ලබාගැනීමට වැඩි හැකියාවක් ඇති පුද්ගලයා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතු බවයි.

දකුණු ආසියානු කලාපයේ වඩාත්ම ස්ථාවර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇත්තේ ශී‍්‍ර ලංකාවේ බවද ඔහු මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. 

ශී‍්‍ර ලංකාව කිසිවිටෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගයෙන් සහ මහජන ඡන්දයෙන් මිස වෙනත් කිසිදු අයුරකින් රටේ බලය හුවමාරු කර ගෙන නොමැති බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.