Saturday, May 11, 2024

General line - 0115112241

සජිත්ට සහය දෙන කුරුණෑගල රැළිය ගැන එජාපය ඇතුළේ මත දෙකක්

දිල්ශාන් තුෂාර




අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කරමින් කුරුණෑගල පැවැත්වීමට නියමිත රැළිය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ යළි බෙදීමක් ඇති වී තිබෙනවා.

පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් ප‍්‍රකාශ කළේ කුරුණෑගල රැළිය නොපවත්වන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

කෙසේවෙතත් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප‍්‍රකාශ කළේ කුරුණෑගල රැළිය නොපවත්වන ලෙසට පක්‍ෂයේ නායකයාගෙන් කිසිඳු දැනුම්දීමක් මෙතෙක් ලැබී නොමැති බවයි. ඒ අනුව කුරුණෑගල රැළියේ සංවිධාන කටයුතු ඉදිරියට සිදුවෙන බවයි සඳහන් කළේ. 

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කළේ කුරුණෑගල රැළිය සංවිධාන නොකරන ලෙසට පක්‍ෂ නායකත්වය නිල වශයෙන් දැනුම්දී ඇති බවයි. 

මේ අතර සිය පක්‍ෂයේ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම ගමගේ අදහස් දක්වමින් සඳහන් කළේ "ජනාධිපති අපේක්ෂකයා දාන්න කලින් ජනාධිපතිවරණය තියෙනවාද? නැද්ද? කියලා කියන්න ඕන නේ. 2015 ආණ්ඩුව ගන්නකොට එක කොන්දේසියක් නේ.. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. අනෙක් කරුණ තමයි පවුලේ අයව දානවා නම් අගමැතිතුමාටත් පුළුවන්නේ 'රුවන් විජේවර්ධනට මගේ පවුලේ සම්බන්ධකමක් තියෙනවා..දාන්න ඕනේ එයාව' කියලා කියන්න." යනුවෙනි.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කරන කුරුණෑගල රැළිය හෙට (05) පැවැත්වෙනවා.