Thursday, May 16, 2024

General line - 0115112241

එජාපයේ සියලු කොටස්වලින් ඉල්ලීමක් කරයි

දිල්ශාන් තුෂාර




ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්‍ෂය සමගි කරවීමට තවත් මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා. අමාත්‍ය ලක්‍ෂ්මන් කිිරිඇල්ල සදහන් කළේ මෙම මැතිවරණය මේ වනවිට පක්‍ෂයට ඇති ප‍්‍රධාන අභියෝගය බවයි. 

එහිදී "මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට තියෙන ලොකුම අභියෝගය ඔක්තෝබර් 11 වැනිදා තියෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම. මම පක්ෂයේ සියලු කොටස්වලට ඉල්ලීමක් කරනවා මේ ජයග්‍රහණය සඳහා අත්වැල් බැඳගෙන අවශ්‍ය පියවර ගන්න කියලා. මේ ජයග්‍රහණය තීරණාත්මකයි.  " යනුවෙන්ද සඳහන් කළා.

කෙසේ හෝ පක්‍ෂය සමගි කරවීම සඳහා උපරිම උත්සහයක් ගනිමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.