Thursday, May 16, 2024

General line - 0115112241

දොම්පේ ප‍්‍රදේශයට රසායනික අපද්‍රව්‍ය ගෙනා පුද්ගලයෙකු අත්අඩංගුවට

තරංග රුක්ෂාන්




දොම්පේ හැමිල්ටන් මාවතේ දමා ගොස් තිබු තවත් සායනික අපද්‍රව්‍ය තොගයක් අද සොයා ගෙන තිබෙනවා. මෙලෙස දමා ගොස් ඇත්තේ මාලිගාවත්ත ප‍්‍රදේශයේ රෝහලකට අයත් සායනික අපද්‍රව්‍ය තොගයක් බවටයි සැකකෙරෙන්නේ.

මෙලෙස දමා ගොස් තිබු සායනික අපද්‍රව්‍ය හේතුවෙන් එම ප‍්‍රදේශයේ දැඩි දුර්ගන්දයක් හට ගෙන තිබෙනවා.

පසුව ප‍්‍රදේශවාසීන් ඒ පිළිබද දොම්පේ පොලිසිය දැනුවත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

පොලිසිය විසින් ඒ පිළිබද විමර්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව අදාල සායනික අපද්‍රව්‍ය ගෙනා ලොරි රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.